Friday, 19 April 2024

රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

Posted On Tuesday, 07 December 2021 07:53

රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි


වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) රාත්‍රි ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කරයි.

ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය. රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපතිවරයා ද වෙයි.

2019 වර්ෂයේ සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මියයන විට 83 වන වියෙහි පසුවිය.