Friday, 26 April 2024

එන්නත් වර්ගය ගැන නොසළකා අදාළ පුද්ගලයින්ට නියමිත කාලසීමාවේ බූස්ටර් එන්නත ලබාගත හැකියි- නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Posted On Tuesday, 23 November 2021 07:13

එන්නත් වර්ගය ගැන නොසළකා අදාළ පුද්ගලයින්ට නියමිත කාලසීමාවේ බූස්ටර් එන්නත ලබාගත හැකියි- නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

 

දැනට සෞඛ්‍ය මාර්ගෝපදේශ වල සදහන් පරිදි ලබාගත් එන්නත් වර්ගය ගැන නොසළකා ඒ ඒ වයස් කාණ්ඩ වල සහ ඒ ඒ රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් හට නියමිත කාලසීමාව තුළ ෆයිසර් බූස්ටර් එන්නත ලබාගැනීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

ඔහු මේ බව සදහන් කළේ, (22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

පාසල් විවෘත කිරීම පිළිබදව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අද පවතින වාතාවරණයට ගෙන ඒමට සෞඛ්‍ය පුරුදු පැත්තෙන් මෙරට බහුතර ජනතාවගෙන් විශාල සහයෝගයක් ලද බවයි.

එය අමතක කළ නොහැකි බවත් මින් ඉදිරියටද එම සහය සියලු දෙනාගෙන් ම අපේක්ෂා කරන බවද ඔහු පැවසුවේය.