Thursday, 18 April 2024

පාසලක දී කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගතහොත් ගතයුතු ක්‍රියාමාර්ග

Posted On Friday, 19 November 2021 16:19

පාසලක දී කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගතහොත් ගතයුතු ක්‍රියාමාර්ග


පාසලක දී කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගතහොත් හෝ කොවිඩ් ආසාදිත යැයි සැකකෙරෙන අයෙක් හඳුනා ගතහොත් සිදුකළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සදහන් වේ.
එම චක්‍රලේඛයට අනුව
එසේ හඳුනා ගන්නා යම් තැනැත්තෙක් (ශිෂ්‍යයෙක් / ගුරුවරයෙක් / අනධ්‍යයන සේවකයෙක් හෝ වෙනත් අයෙක්) වේ නම් ඔවුන්ව පළමුව පාසලේ වෙනම ස්ථානයක තැබිය යුතුය.
එසේ හඳුනා ගනු ලැබුවේ ශිෂ්‍යයෙක් නම් ඒ සම්බන්ධයෙන්, දෙමව්පියන් හෝ භාරකරුවන් කඩිනමින් දැනුවත් කිරීම කළ යුතුය.
එසේම එම ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරියාව ද කඩිනමින් දැනුවත් කළ යුතුය.
පාසලේ දී හඳුනා ගනු ලබන ආසාදිතයාව හැකි ඉක්මනින් ආසන්නතම රෝහලක් වෙත ගෙනයෑම පාසල් බලධාරීන් ට කළ හැකිය.