Tuesday, 23 April 2024

කොන්සියුලර් සේවා ඇරඹේ

Posted On Saturday, 30 October 2021 12:01

කොන්සියුලර් සේවා ඇරඹේ

 

කොන්සියුලර් සේවා ඇරඹේ

විවිධ සහතික/ලේඛන සත්‍යාපනය කර ගැනීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් සේවා අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට වර්තමානයේ දී පැමිණේ. මෙම අංශය විසින් නිලධාරීන්ගේ සම්පූර්ණ ධාරිතාව යොදා ගනිමින් සේවාවන් සපයනු ලබන අතර, එහි පූර්ණ ධාරිතාව තුළින් ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ පද්ධතිය (e-DAS) හරහා සහතික/ලේඛන සත්‍යාපනය කරනු ලැබේ. තම සත්‍යාපන කටයුතු සඳහා වැඩ කරන දිනවල පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා කොන්සියුලර් කටයුතු අංශය වෙත පැමිණෙන ලෙස කොන්සියුලර් කටයුතු අංශය සේවා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටීම වැළැක්වීම සඳහා මෙන්ම කොන්සියුලර් කටයුතු අංශය අසළ මහජන රැස්වීම අවම කිරීම සඳහා, දිගු පෝලිම්වල නොසිට කාල වේලාවක් වෙන් කොට තම සේවා ලබා ගැනීම සඳහා අයදුම්කරුවන්ට පහසුකම් සැලසෙන http://consular.mfa.gov.lk/ONLINEBOOKING සබැඳිය ඔස්සේ මාර්ගගතව වේලාවක් වෙන් කර ගැනීමට සේවා අපේක්ෂකයන් උනන්දු කෙරේ.

කොන්සියුලර් සේවා ලබා ගැනීම සඳහා මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන නගරවල පිහිටි ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ද සේවා අපේක්ෂකයන් උනන්දු කෙරේ. පහත තොරතුරු ඔස්සේ එම කාර්යාල සමඟ සම්බන්ධ විය හැකි ය.

● මාතර- අනගාරික ධර්මපාල මාවත, පඹුරන, මාතර, දුර- 041-2226697

විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
● යාපනය- යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දුර- 021 2215972

විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
● මහනුවර- මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, ගැටඹේ, දුර- 081 2384410

විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
● කුරුණෑගල- පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, දඹුල්ල පාර, දුර- 037 2225931

විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
● ත්‍රිකුණාමලය- ප්‍රධාන ලේකම් කාර්යාලය, දුර- 026 2223186

විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විවිධ කොන්සියුලර් සේවා සඳහා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත දුරකතන අංක ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ වන්න.

සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය:

දුර - 2338812/7711194

විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ: 2338836/3136715

විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම: 2437635/7101193

අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 2338837

විදේශීය ශ්‍රී ලාංකික අංශය: 2338847

විවිධ කටයුතු අංශය: 2338843

වෙනත් අංශය: 2335942

 

විදේශ අමාත්‍යාංශය

කොළඹ