Friday, 29 March 2024

සංචරණ සීමා ලබන 21 වන දා ඉවත්වීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා අරඹන්නේ කෙසේද ?

Posted On Saturday, 16 October 2021 16:57

සංචරණ සීමා ලබන 21 වන දා ඉවත්වීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා අරඹන්නේ කෙසේද ?


පළාත් අතර සංචරණ සීමා ලබන 21 වන දිනෙන් ඉවත් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවරගන්නා බවත් එදිනෙන් පසුව ද සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණය කළහොත් විශේෂ අවසරයක් මත පළාත් අතර බස්රථ කිහිපයක් හෝ ධාවනයට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ වනවිට මගීන්ගෙන් අධික මුදලක් අය කරමින් විවිධ පළාත්වල සිට බස්රථ නීතිවිරෝධීව ධාවනය වන බවට තොරතුරු ලැබී ඇති අතර එවැනි බස්රථ කිහිපයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවද දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.