Friday, 29 March 2024

කඨින පූජා ගැන නිවේදනයක්

Posted On Thursday, 14 October 2021 16:09

කඨින පූජා ගැන නිවේදනයක්

 

කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය මත මෙම වසරේදී ද කඨින චීවර පූජාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට කටයුතු කරන ලෙසය.

එහිදී පහත දැක්වෙන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසද දැනුම්දී තිබේ.

1. කඨින චීවර රැගත් පෙරහැර සඳහා මෙම අවස්ථාවේ අවසර ලබාදිය නොහැක.
2. කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීම.
3. කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීම.