විශ්වවිද්‍යාල සිසුන්ට කොරෝනා එන්නත් ලබාදීම සියලු විශ්වවිද්‍යාලවල දී අද(11) ආරම්භ විය. එන්නත්කරණය ලබන 15 වනදා දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ය.
එමෙන් ම එන්නත් ලබගනීම සඳහා ළඟ පිහිටි විශ්වවිද්යාලය්ට පමිණෙන ලෙස ද සභාපතිවරයා ඉල්ලීමක් කළේ ය. දිවයිනේ සියළුම විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතනවලදී කොරෝනා මර්දන එන්නත් ලබාදීම මේ අනුව සිදු වෙයි. විශ්වවිද්‍යාල වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳ දැනුවත් කර තිබේ.
එන්නත් ල්බගැනීමේ දී එන්නත වර්ග නොකර කොරෝනා මර්දන එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද සිසු සිසුවියන්ට දන්ව සිටියේ ය.