Tuesday, 03 June 2025

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

Posted On Saturday, 04 September 2021 14:35

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවටශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව, එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී.

ඒ අනුව, කොළඹ වරාය වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය රැගත් මෙම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.