Monday, 06 May 2024

හයිටි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් නැහැ - විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

Posted On Monday, 16 August 2021 07:31

හයිටි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් නැහැ - විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන


හයිටි රාජ්‍යයේ සිදුවී ඇති භූ කම්පනයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට යම් ගැටළුවක් සිදුවී ඇත්ද යන්න කියුබාවේ- හවානා නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාට කතා කර විමසූ බවත්, සිද්ධියෙන් හානියට පත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් නොමැති බව එහිදී සනාථ වූ බවත් සභානායක, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලාංකිකයන් 250ක් පමණ එහි ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය. භූකම්පන ව්‍යසනය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය, හයිටි රජයට ද දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසීය.