Saturday, 27 April 2024

ආපදා සහන ලබා දෙන බවට වංචනික ක්‍රියාවලට නොරැවටෙන මෙන් මහජනතාව වෙත කරනු ලබන දැනුම්දීම-ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Posted On Thursday, 12 August 2021 08:51

ආපදා සහන ලබා දෙන බවට වංචනික ක්‍රියාවලට නොරැවටෙන මෙන් මහජනතාව වෙත කරනු ලබන දැනුම්දීම-ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ආපදා සහන ලබා දෙන බවට වංචනික ක්‍රියාවලට නොරැවටෙන මෙන් මහජනතාව වෙත කරනු ලබන දැනුම්දීම-ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹගොල්ල ගමේ පදිංචි හීන්මැණිකා යන අයගේ නිවසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරී මහතකු වශයෙන් 2021.08.10 දින පැමිණි පුද්ගලයකු ආපදා නිසා හානු වු එම නිවසට වු හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අනුමත වී ඇති බවත් එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 13,500 ක
මුදලක් ලංකා බැංකුවේ ගිණුමක තැන්පත් කළ යුතු බවත් පවසා ඇත.

එම අවස්ථාවේ දීම අදාළ මුදල ලබාදීමට නිවෙස් හිමි කාන්තාවට මුදල් නොතිබු බැවින් එම පුද්ගලයා විසින් නිවෙස් හිමි කාන්තාව සතු පවුම් එක හමාරක පමණ රං මාලය උකස් කර මුදල් තැන්පත් කරන බව පවසා පවසා ඇය සතු රං මාලය රැගෙන ගොස් ඇති අතර පසු දින එනම් 2021.08.11 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට පැමිණෙන ලෙස ද දන්වා ඇත.

ඒ අනුව ( 11) දින අදාළ නිවෙස් හිමි කාන්තාව ඇයට හිමි වන්දි මුදල් ලබාගැනීම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය වෙත පැමිණ ඇත. මෙම තත්වය සැලවීමත් සමගම නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විසින් තෙරිපැහැ පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. මෙම ක්‍රියාව වංචනික ක්‍රියාවක් වන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජන සේවා සැපයීමේ දී කිසිදු මුදලක් මහජනතාවගෙන් අය නොකරන අතර ආපදා නිසා සිදු වන හානි වෙනුවෙන් සහන සැලසීමේදී ද කිසිදු මුදලක් අය නොකරන බව දන්වා සිටින අතර මෙවැනි වංචනික ක්‍රියාවලට නොරැවටෙන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම එවැනි පුද්ගලයින් පිළිබදව වාර්තා වුව හොත් ළඟම පිහිටි පොලිස් ස්ථානය දැනුවත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.