Sunday, 28 April 2024

කොවිඩ් 19 මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නොමැතිනම් 1906 අමතා ලියාපදිංචි වී එන්නත ලබාගන්න - විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

Posted On Monday, 09 August 2021 16:02

කොවිඩ් 19 මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නොමැතිනම් 1906 අමතා ලියාපදිංචි වී එන්නත ලබාගන්න - විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන


කොවිඩ් 19 මර්දන එන්නත මෙතෙක් ලබානොගත් පුද්ගලයින් 1906 දුරකතන අමතා ලියාපදිංචි වී එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

ඔහු මේ බව සදහන් කළේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ''ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 එන්නත්කරණයේ අද සහ හෙට'' යන මැයින් පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

බස්නාහිර පලාතේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශ වල වයස අවුරුදු 60ට වැඩි සහ රෝගාබාධ වලින් පෙළෙන්නන් ආදී සෑම කෙනෙකු හටම ඉදිරි දින 03 තුළදී එන්නත ලබාදීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

එන්නත් ඕනෑ තරම් පවතින අතර අවශ්‍ය පහසුකම්ද කිසිදු අඩුවකින් තොරව සැපයිය හැකි බව අවධාරණය කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, මෙම වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාතේ එන්නත් ලබාදීමට මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර යම් අයෙකුට රෝගාබාධ ඇතිනම් ඒවා උත්සන්න වුවහොත් වෛද්‍ය පහසුකම් ලබාදීමටද කටයුතු සූදානම් කර ඇති බව කීවේ ය.