Saturday, 04 May 2024

වැඩි බස්රථ ප්‍රමාණයක් අද සිට ධාවනයට - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

Posted On Monday, 09 August 2021 15:49

වැඩි බස්රථ ප්‍රමාණයක් අද සිට ධාවනයට - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය


ධාවනයට යෙදවෙන බස් රථ ප්‍රමාණය වැඩි කිරීමටත්,අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ලංගම බස්රථ ධාවනය පවත්වාගෙන යාමටත් කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වුවද, පළාත් අතර සීමා සක්‍රීය කර ඇති නිසා රාජකාරී සඳහා ගමන් ගන්නා අයට ප්‍රවාහන පහසුකම් සපයන්නට බස්රථ ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර බස්රථ අඩුවෙන් ධවනයට යෙදවීමෙන් තදබදය ඇති වීම හේතුකොට ගෙන එකී තදබදය අවම කර ගැනීම සඳහා වැඩි බස්රථ ප්‍රමාණයක් ධාවනයට පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම, රාජකාරී සඳහා ගමන් ගන්නා මඟීන් සතුව ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත අනිවාර්යයෙන් තිබිය යුතු බවත්, අවශ්‍ය නම් මඟීන්ගේ හැඳුනුම්පත් පරික්ෂා කිරීමට රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට අවසර තිබෙන බවත් ප්‍රකාශ කළේය.

ආසනගතව පමණක් මඟී ප්‍රවාහනය සිදු නොකරන රියදුරු කොන්දොස්තරවරුන් පරික්ෂා කිරීම සඳහා පොලීසිය දැනුවත් කොට ඇති බවත්, පසුගිය දිනවල එලෙස කටයුතු නොකළ බස් කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන උසාවි ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත්, අන්තර් පළාත් බස් රථ බලපත්‍ර 20 කට ආසන්න ප්‍රමාණයක් හා අභ්‍යන්තර බස්රථ බලපත්‍ර 50 කට ආසන්නප්‍රමාණයක් ද මේ වන විට අත්හිටුවා ඇති බවත්,එකඳු මඟියෙකු හෝ බස්රථ තුළ හිටගෙන ගමන් කරවීමට බස්රථ රියදුරන්ට කිසිඳු අයිතියක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.