Thursday, 18 April 2024

රැකියා සඳහා විදේශගත වන අයට කොවිඩ් එන්නත් ලබාදීමට පියවර

Posted On Sunday, 27 June 2021 16:57

රැකියා සඳහා විදේශගත වන අයට කොවිඩ් එන්නත් ලබාදීමට පියවර


රැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මේ සඳහා ජාතික කොවිඩ් මර්දන කමිටුවේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වේ.

මේ සදහා සුදසුකම් ලබන්නේ, රැකියා සඳහා විදේශගතවීමට අවශ්‍ය, රැකියා ගිවිසුම, වීසා බලපත්‍රය හා රැකියා ප්‍රදානය කිරීමේ පත්වීම් ලිපිය යන ලේඛන ලැබූ අය පමණි.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් විදේශගත වන අය එම රැකියා ඒජන්සිය හරහා ද, ස්වයං මාර්ගයෙන් විදේශගතවන්නන් කාර්යාංශයට දුරකථන ඇමතුමක් ලබාදී අදාළ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචිය ලබාගත යුතු බවද වාර්තා වේ.

එන්නත් කිරීම් කටයුතු ඉදිරි සතියේ ආරම්භ කිරීමට නියමිත අතර වැඩි විස්තර 1989 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බවද වැඩිදුරටත් සදහන් වේ.