Saturday, 20 April 2024

සුරතල් සතුන් අතරත් කොරෝනා වෛරස් ප්‍රභේද

Posted On Saturday, 26 June 2021 16:18

සුරතල් සතුන් අතරත් කොරෝනා වෛරස් ප්‍රභේද


වවුලන් පමණක් නොව සුනඛයින්, බළලුන් සහ කුකුළන්ගෙන්ද කොරෝනා වෛරස ප්‍රභේද වාර්තා වී ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26) සදහන් කර ඇති අතර එම සංගමයේ සභාපති පශු වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා පෙන්වා දුන්නේ 1960 වසරේ සිට එවැනි තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.

"කොරෝනා වෛරසය 1960 වගේ ඉඳලා සතුන් තුළ වාර්තා වෙලා තියෙනවා. සතුන් තුළ තිබෙන කොරෝනා වෛරස් ප්‍රභේදවලින් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙනවා කියලා කොහේවත් වාර්තා වෙලා නෑ. ඒ නිසා මෙම පුවතත් සමග ජනතාව බියට පත්විය යුතු නෑ."