Thursday, 25 April 2024

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද ලබන සඳුදා සිට පළාත් මට්ටමින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට සැලසුම්

Posted On Thursday, 24 June 2021 16:37

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද ලබන සඳුදා සිට පළාත් මට්ටමින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට සැලසුම්


සංචරණ සීමා ක්‍රියාත්මක වුවද ලබන සඳුදා දිනයේ සිට පළාත් මට්ටමින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

"කොවිඩ් කමිටුවේ සභාපතිතුමා අපිට දැනුම්දීලා තියෙන්නේ පළාත් අතර සංචරණ සීමා තියෙනවා කියලා. ඒ නිසා පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය කිරීම දැනට නොකළ යුතුයි. අපි සාකච්ඡා කරලා බලනවා සඳුදා වෙනකොට අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය කිහිපයක් සහ බස් රථ කිහිපයක් පළාත් අතර ධාවනය කරන්න අවසර දෙනවද කියලා. ඒ අවසර ලැබුණොත් අපි පළාත් අතර ධාවනය වන බස් සහ දුම්රිය කිහිපයක් යොදවනවා කොවිඩ් කමිටුවේ අනුමැතිය ඇතිව. අනුමැතිය නොලැබුණොත් ධාවනය කරන්නේ නෑ."