Thursday, 28 March 2024

ප්‍රවීණ නර්නත ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි

Posted On Wednesday, 23 June 2021 15:53

ප්‍රවීණ නර්නත ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි

 

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.1950 මැයි මස 6 වන දින උපත ලබා ඇති ඒ මහතා මියයන විට 71 වන වියේ පසුවිය.

ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් ඉටුකළ ඒ මහතා මෙරට පාරම්පරික කලාව රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු කළේය. මෙරට නර්තන කලා කෙත පෝෂණය කිරීමේ ඉතා විශිෂ්ට සේවාවක නිරත වු ඒ මහතා නර්තන ආචාර්යවරයෙකු ද විය.
වසරකට අධික කාලයක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ ඥාතීන් පැවසීය. අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.