Friday, 19 April 2024

පොසොන් සැමරීමට අනුරාධපුරයට ඒමෙන් වලකින්න

Posted On Wednesday, 23 June 2021 15:41

පොසොන් සැමරීමට අනුරාධපුරයට ඒමෙන් වලකින්න


හෙට (24) දිනට යෙදී ඇති පොසොන් උත්සවය මහජනතාවගේ සහභාගීත්වයෙන් තොරව සංඛේතාත්මකව අනුරාධපුරය සහ මිහින්තලය පූජා භූමි මුල් කරගෙන සිදුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට ඒ වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවසීය.

අනුරාධපුර සහ මිහින්තලය පූජා භූමි ආශ්‍රිතව පවතින පොසොන් සූදානම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ පොසොන් දින "මිහින්තලාව පූජා භූමිය මුල් කරගෙන රාජ්‍ය පොසොන් උත්සව ක්‍රියාත්මක වෙනවා. එතනදී සිදුවෙන්නේ මිහින්තලා මිස්සක පව්ව ආලෝකමත් කිරීමත් ඒ වගේම රතන සූත්‍රය නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනය පරිදි දින 7ක් ස්වාමින් වහන්සේලා විසින් සජ්ඣායනා කරනවා. රුවන්වැලි මහ සෑයේ දෙරණ අභිවන්දනා වැඩසටහන දෙරණ රූපවාහිනි නාලිකාව මඟින් මාධ්‍ය ආවරණය සිදුවෙනවා. රුවන්වැලි මහ සෑය මහජනතාවට දැක ගැනීමට හැකි පරිදි ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, සම්බුද්ධ පුජාවන් ඇතුළු සියල්ල සිදුවෙනවා. නිවෙස්වල ඉන්න ජනතාවට ඒවා බලාගෙන සම්බන්ධ වෙන්න පුළුවන්."