Friday, 26 April 2024

සංචරණ සීමා ගැන නවතම තත්ත්වය

Posted On Friday, 18 June 2021 16:32

සංචරණ සීමා ගැන නවතම තත්ත්වය


දැනට පවතින සංචරණ සීමා එළඹෙන සඳුදා (21) උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

නැවත එම සංචරණ සීමා 23 වන දා රාත්‍රී 10 ට පැනවෙන බවත් එසේ පැනවෙන සංචරණ සීමා 25 වන දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සංචරණ සීමා ලිහිල් කළ කාලය තුළ පළාත් අතර සංචරණය සීමා කිරීම එසේම බලපැවැත්වෙන බවත්, මහජන රැස්වීම්, පොදු ස්ථානවල එකතුවීම හා උත්සව පැවැත්වීම ද එම කාලයේ දී තහනම් වන බවත්, රාජ්‍ය සේවකයින් සිය රාජකාරි ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉදිරියට සිදුකළ යුතු බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.