Friday, 03 May 2024

ගංඟා ආශ්‍රිත ජල මට්ටම් තවදුරටත් ඉහළ යෑමේ අවදනාමක්

Posted On Saturday, 05 June 2021 16:31

ගංඟා ආශ්‍රිත ජල මට්ටම් තවදුරටත් ඉහළ යෑමේ අවදනාමක්


පළාත් කිහිපයකට මේ වනවිට ඇද හැලෙන අධික වැසි හෙට (06) දිනයේත් පැවතිය හැකි බැවින් ගංඟා ආශ්‍රිත ජල මට්ටම් තවදුරටත් ඉහළ යෑමේ අවදනාමක් ද පවතී. එහෙයින් ගංඟා ආශ්‍රිත පහත්බිම්වල ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිලිමත්ව පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින අතර අද රාත්‍රි කාලයේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි ඇතිවිය හැකිය.