Monday, 06 May 2024

හෙට සිට මෙරටට ගුවන්තොටුපොළ විවෘත වේ.

Posted On Monday, 31 May 2021 16:26

හෙට සිට මෙරටට ගුවන්තොටුපොළ විවෘත වේ.


හෙට (01) දිනයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ගුවන්තොටුපොළ තුනක් මෙරටට පැමිණෙන පිරිස් සඳහා විවෘත කෙරෙන බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සදහන් කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙරටට පැමිණෙන මගීන් ප්‍රමාණය සීමා කිරීමක් ද සිදුකරන අතර එක් ගුවන් යානයක ගමන් කළ හැකි මගීන් ප්‍රමාණය 75 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.

කෙසේ වෙතත් පැමිණෙන සියලුදෙනා දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත්ව පීසීආර් පරීක්ෂණ සඳහා යොමුවිය යුතු බව ද කියා සිටියේය.