Monday, 06 May 2024

ජුනි 7 තෙක් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

Posted On Friday, 28 May 2021 17:18

ජුනි 7 තෙක් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි.


දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2021.05.31 වනදා සහ 2021.06.04 වනදා සංචරණ සීමා ලිහිල් නොකරන බවද සදහන් වාර්තා වේ.

මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිත බවද සදහන්ය.