Sunday, 28 April 2024

අද (21) රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා

Posted On Friday, 21 May 2021 16:35

අද (21) රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පහත පරිදි සදහන් වේ.

 

අද (21) රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන සංචරණ සීමා ලබන 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මැයි මස 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වන දා අලුයම 4.00 දක්වා යළි සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය සහ වෙසක් සතිය නිමිත්තේ සිදුවන මහජන ඒකරාශිවීම් වැළැක්වීම සඳහා අදාළ පියවර ගත් බව යුද හමුදාපතිවරයා පැවසුවේය.

සංචරණ සීමා ලිහිල් වන 25 වන දින ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරව යා හැකි බව ද සඳහන් වේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන්හි ඔසුසැල් විවෘතව පවතින බවය.