Sunday, 28 April 2024

ප්‍රදේශ කිහිපයකට අද උදෑසන සිට ජලය තාවකාලිකව අත්හිටුවයි

Posted On Wednesday, 19 May 2021 05:34

ප්‍රදේශ කිහිපයකට අද උදෑසන සිට ජලය තාවකාලිකව අත්හිටුවයි

 

බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ම අද (19) දිනයේ පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙයට හේතු වී ඇත්තේ සපුගස්කන්ද විදුලි උප පොළෙ හි හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

පෑලියගොඩ, වත්තල - මාබෝල, ජා - ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශයටත් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා - ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව අද පෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව හෙට (20) පෙරවරු 08.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවද වාර්තා වේ.