Saturday, 20 April 2024

පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරේ - අධ්‍යාපන අමාත්‍ය

Posted On Friday, 07 May 2021 15:45

පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරේ - අධ්‍යාපන අමාත්‍ය

 

රටේ පවතින කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

වර්තමාන රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින අවදානම් තත්ත්වය මත පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සහ ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදිය යුතු බැවින් එම තීණයට එළඹි බවත් මෙම අවදානම යහපත් තත්ත්වයට පත්වීමෙන් අනතුරු ව නැවත පාසල් විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී ය.

එම ආයතන නැවත දරුවන් සඳහා විවෘත කිරීමට අවම වශයෙන් දින තුනකටවත් පෙර ඒ පිළිබඳ දැනුම් දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය