Thursday, 02 May 2024

වයඹ හා බස්නාහිර පළාත්වල පාසල් වැසේ

Posted On Monday, 26 April 2021 16:40

වයඹ හා බස්නාහිර පළාත්වල පාසල් වැසේ

 

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්,පෙරපාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ, අප්‍රේල් 30 වනදා දක්වා එම තීරණය ක්‍රියාත්මක බවය.

දිවයිනේ සෙසු පළාත්වල පන්ති පැවැත්වීමේ වෙනසක් සිදු නොවන බවත්, වෙනසක් වෙනවා නම් ඒ පිළිබඳව දැනුම් දෙන බවත් කී අමාත්‍යවරයා, සෑම විටම සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදීම අතිශය වැදගත් බවද පැවසීය.