Friday, 19 April 2024

උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 09 වන දින සිට 20 දක්වා විශේෂ බස්රථ ධාවන සැලසුමක්

Posted On Monday, 05 April 2021 07:53

උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 09 වන දින සිට 20 දක්වා විශේෂ බස්රථ ධාවන සැලසුමක්

 

උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 09 වන දින සිට 20 දක්වා විශේෂ බස්රථ ධාවන සැලසුමක් ක්‍රියාවට නැංවෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා, රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී කියා සිටියේය.

සාමාන්‍ය ධාවන බස් රථ ඒ ආකාරයෙන්ම නියමිත පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර, උත්සව සමය ඇරඹෙන කාලවකවානුවේ දී සෞඛ්‍යාරක්ෂිතව මඟීන් සිය ගම්බිම් වලට ප්‍රවාහනය කිරීම සඳහා කිසිඳු ගැටලුවකින් තොරව අතිරේක බස් රථ දිනකට දෙසීයක් පමණ කොළඹ හා ඒ ආසන්න නගර වලට යෙදවෙන බවත්, මිට සමගාමී ව අප්‍රේල් 16 වන දිනට පසු නැවත කොළඹ පැමිණීමට ද විශේෂ බස් රථ සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.