Saturday, 20 April 2024

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක්

Posted On Friday, 02 April 2021 16:50

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක්

 

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කර ඇති යෝජනාව ලබන 05 වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

එම යෝජනාව එදින පස්වරුවේ සභාව කල් තැබෙන අවස්ථාවේදී සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

‍අදාළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සාමාජිකයන් 15 දෙනෙක්ගෙන් සමන්විත වන අතර කථානායකවරයා විසින් තේරීම් කාරක සභාව පත් කිරීමෙන් පසු මාස 06ක් ඇතුළත තම නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව යෝජනාවේ සඳහන් වන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.

දැනට පවතින මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති වල පවතින අඩුපාඩු හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීම මෙම කාරක සභාවේ වගකීම වේ.