Saturday, 20 April 2024

කොවිඩ් 19 අවදානම පවතින තවත ග්‍රාම නිලධාරී වසම් දෙකක එන්නත්කරණය අරඹයි

Posted On Wednesday, 17 March 2021 08:55

කොවිඩ් 19 අවදානම පවතින තවත ග්‍රාම නිලධාරී වසම් දෙකක එන්නත්කරණය අරඹයි

 

මොරවක ප්‍රදේශයේ කොවිඩ් -19 අවදානම ඉහළ ග්‍රාම නිලධාරී වසම් 02 ක් ලෙස හඳුනාගත් වැලිව හා කොඩිකාරගොඩ බටහිර වසම්වල තෝරාගත් පිරිස් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අද (17) මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භකර තිබුණි.

පසුගියදා මොරවක නගරයෙන් හඳුනාගත් ආසාදිතයින් 52 දෙනා අතරින් වැඩි පිරිසක් මෙම වසම් ආශ්‍රිතව හඳුනාගත් අය වේ.