Monday, 24 February 2025

පාසල් අද ආරම්භ වෙයි

Posted On Monday, 15 March 2021 06:15

පාසල් අද ආරම්භ වෙයි

 

බස්නාහිර පළතේ පාසල්වල 05,11 සහ 13 යන ශ්‍රේණි මෙන්ම බස්නාහිර හැර අනෙකුත් සියලු පාසල් වල සියලු ශ්‍රේණිවල අධ්‍යනය කටයුතු ලබන අද (මාර්තු 15) සිට ආරම්භ කිරීමට නියමිත ය.

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධ සෞඛ්‍ය නිර්දේශ පසුගිය දා ලැබුණු බව අධ්‍යපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ ය.

බස්නාහිර පළාතේ පාසල්වල 05,11 සහ 13 හැර අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අප්‍රේල 19 දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 01 සිට 04 දක්වා ශ්‍රේණි සහ 06 සිට 10 දක්වා ශ්‍රේණි සහ 12 වන ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු එදින ආරම්භ වේ.