එම නිසා කිසිඳු අනිසි ක්‍රියාවක් සිදු නොකර විභාගය අවසන් වූ වහාම සිය නිවෙස් වෙත ගමන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
හෙට දින නිමවන සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවා ඇත්ද යන්න සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය (news.lk) කළ
විමසුමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ පාසල් ආශ්‍රිතව නිරන්තර නිල ඇඳුමින් සැරසී පොලිස් ජංගම සේවයක් ක්‍රියාත්මක වන බවත්, විභාගය අවසන් වන වේලාවන්හිදී පොලිස් නිලධාරීන් විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සිටින බවත්ය. එමෙන්ම සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් විසින් කළහකාරී ලෙස හැසිරෙන සිසුන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.