Friday, 19 April 2024

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි-ලොවේ ජීවනාලිය රකිමු සෙනෙහෙන්...!

Posted On Monday, 08 March 2021 09:19

සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.

 

මෙවර ජත්‍යන්තර කාන්තා දිනයේ තේමාව නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යන්නයි.

සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා සැමරෙන මෙම කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහාය.

එහි මූලාරම්භය ඇති වූයේ, 1908 වර්ෂයේදීය. ඒ, කාන්තාවන් 15,000ක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි. ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනි.

මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවකි. ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර ඇයගේ යෝජනාව ඒකමතිකව ස්ථිර විය.

එය පළමු වරට 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල සැමරිණි. ජාත්‍යන්තර කාන්තා දිනයේ ශතක සැමරුම 2011 වසරේදී සැමරිණි.

1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබිණි. ඒ අනුව මේ වසරේදී සැමරෙන්නේ, 110 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි.

ජීවිතයේ සෑම අංශයකම කාන්තාවන්ගේ පූර්ණ හා ඵලදායී සහභාගීත්වය සහ නායකත්වය සෑම කෙනෙකුටම ප්‍රගතියක් ලබා දෙයි. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මෑත වාර්තාවෙන් හෙළි වූ පරිදි, තවමත් පොදු ජීවිතයේදී සහ තීරණ ගැනීමේදී කාන්තාවන් අඩුවෙන් නියෝජනය වේ. රටවල් 22 ක කාන්තාවන් රාජ්‍ය හෝ රජයේ ප්‍රධානීන් වන අතර ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 24.9 ක් පමණක් කාන්තාවන් වේ. වර්තමාන ප්‍රගතියේ අනුපාතයට අනුව රාජ්‍ය නායකයින් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට තවත් වසර 130 ක් ගතවනු ඇත.

COVID-19 ට එරෙහි සටනේ පෙරටුගාමී හා සෞඛ්‍ය අංශයේ සේවකයින් වශයෙන්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන් සහ රැකබලා ගන්නන් ලෙස, කාන්තාවන් ඉදිරියෙන් සිටින අතර, නමුත් ඔවුන්ට ඔවුන්ගේ පිරිමි සගයන්ට වඩා ගෝලීය වශයෙන් සියයට 11 ක් අඩු වැටුපක් හිමිවේ. රටවල් 87 ක COVID-19 කාර්ය කණ්ඩායම් විශ්ලේෂණය කිරීමෙන් සොයාගෙන ඇත්තේ ඔවුන්ගෙන් 3.5% ක් පමණක් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් පෙළෙන බවයි.

රාජකාරී අවස්ථා වල කාන්තාවන් නායකත්වය දෙන විට ධනාත්මක ප්‍රතිඵල බොහෝ අවස්ථා වලදී අත්පත් වෙයි. COVID-19 වසංගතයට වඩාත් කාර්යක්ෂම හා ආදර්ශවත් ප්‍රතිචාර දැක්වූයේ කාන්තාවන් විසිනි. ලෝකයේ සෑම තැනකම සමාජ සාධාරණත්වය, දේශගුණික විපර්යාස සහ සමානාත්මතාවය සඳහා කාන්තාවන්, විශේෂයෙන් තරුණියන්, අන්තර්ජාලය හරහා සහ වීදිවල විවිධාකාර වශයෙන් වටිනා කර්තව්‍යයන් වල නියැළේ. ඉදිරියෙන්ම සිටී. එහෙත්, වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන් ලොව පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 1 කටත් වඩා අඩු ය.

මේ නිසා, මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය යනු සියලු දෙනාටම සමාන අනාගතයක් උදෙසා ක්‍රියා කිරීම සඳහා පරම්පරා සමානාත්මතාවය වෙනුවෙන් පෙළ ගැසීමකි.

වර්තමානය වන විට අප රටෙහි කාන්තාවන්ට අත්විදින්නට වන ඉතා කටුක ඉරණම් පිළිබදව අපට නිතර අසන්නට දකින්නට ලැබෙනවා. සෑම කෙනෙකුටම උප්පත්තිය දෙන්නේ මවක්. ලොවෙහි උතුම් පදවියට උරුමකම් කියන මව කාන්තාවක්. සමාජය දැඩි ලෙස නොපිහිරෙමින් ගුණදම් සාරධර්ම පිරිපුණ්ව පවතී නම් ඇයටත් සමාජය තුළ මනා ගරුත්වයක් හිමිවෙයි. පිරිහුණු මනස් ඇත්තන්, ගුණදම් කෙලෙසුණු මිනිසුන් හේතුවෙන් කාන්තාවන් හට ලැබිය යුතු ගරුත්වය වටිනාකම නොලැබීයාමට හේතුවෙයි.

කාන්තාවන්ද ඔවුන්ගේ ගරුත්වය සහ වටිනාකම රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලාගත යුතු බව අවධාරණය කළ යුතුයි. ඒවිට ඇයට ලොවක් ආදරය කරාවි.. ලොවක් ගරු කරාවි. වසරේ ඒක් දිනකට පමණක් සීමා නොවී ලැබිය යුතු පුදසත්කාර නොඅඩුව ලැබේවි. ඇයව නිරන්තර සිහිවේවි. ඇය ගැන අවධානය යොමුවේවි.

ලෝකයේ ජීවනාලිය ඇයයි. ලෝකයට ජීවය දෙන්නිය, ලොවට හැඩයක් දෙන්නිය ලොව සුන්දර කරන්නිය, ලොවට පෙම්කරන්නිය ඇයයි. ඇය නොමැතිව ලොවෙහි ජීවයක් පවතින්නේ කෙලෙසද? සැවොම ඇයට ගෞරව කරමු.. ආදරය කරමු..