Sunday, 05 May 2024

මාර්තු පළමු සතියේ සිට මධ්‍යස්ථාන 4000කදී දිනකට පුද්ගලයන් ලක්ෂ 06කට කොවිඩ් මර්දන එන්නත්

Posted On Tuesday, 09 February 2021 07:31

මාර්තු පළමු සතියේ සිට මධ්‍යස්ථාන 4000කදී දිනකට පුද්ගලයන් ලක්ෂ 06කට කොවිඩ් මර්දන එන්නත්

 

මාර්තු පළමු සතියේ සිට මධ්‍යස්ථාන 4000කදී දිනකට පුද්ගලයන් ලක්ෂ 06කට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙනවා - ප්‍රාථමික සෞඛ්‍ය සේවා,
වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ.

මාර්තු පළමු සතියේ සිට මධ්‍යස්ථාන 4000කදී දිනකට පුද්ගලයන් ලක්ෂ 06කට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය (08) දින මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවාය.

මාර්තු පළමු සතිය වන විට රටේ අනෙකුත් පුද්ගලයන් සදහාද විශේෂයෙන් අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට මෙන්ම ඊට සමගාමීව අවුරුදු 60 දක්වා පුද්ගලයන්ටද එන්නත්කරණය අරඹන අතර දිනකට මධ්‍යස්ථාන 2000ක එක එන්නත් මධ්‍යස්ථානයකින් 300 දෙනෙකු සදහා එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවේය.

එන්නත් ලැබුණු විගසම මෙම කටයුත්ත අරඹන බවත්, ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා එන්නත දැනට මිලදී ගැනීම සදහා ඇනවුම් කර ඇති බවද කෝ වැක්ස් පහසුකම යටතේ එන්නත් තොග ලැබීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යතුමිය කියා සිටියාය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ 160,000 ට පමණ මේ වන විට එන්නත ලබාදී අවසන් බවද ඇය සිහිපත් කළාය.