Saturday, 27 April 2024

ලෝක තෙත් බිම් දිනය අද

Posted On Tuesday, 02 February 2021 06:54

ලෝක තෙත් බිම් දිනය අද

 

ලෝක තෙත් බිම් දිනය (World Wetland day) අදට (පෙබරවාරි 02) යෙදී තිබේ.

ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා 1971 වසරේදී ඉරානයේ රැම්සා නුවරට රැස්වූ රටවල් 18 ක නියෝජිතයන් විසින් අන්තර්ජාතික සම්මුතියක් සම්මත කරගෙන තිබේ. මේ වනවිට එම එකඟතාවට රටවල් 100 ඉක්මවූ ප්‍රමාණයක් අත්සන් තබා තිබෙන අතර, ශ්‍රී ලංකාව මෙම එකඟතාවට අත්සන් තබා ඇත්තේ 1991 වසරේදීය.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත් බිම් 06 ක් මේ වනවිට නම්කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ තෙත් බිම් කාණ්ඩ තුනක් යටතේ වර්ග කර ඇත.

එනම් ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්, කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් කෘත්‍රිම තෙත්බිම් සහ මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළත් කරදිය තෙත් බිම් ලෙසය.

ශ්‍රී ලංකාවේ තෙත් බිම් ලෙස නම් කර ඇති ස්ථාන වන්නේ, බූන්දල අභය භූමිය, ආනවිලුන්දාව, මාදු ගඟ, වාන්කැලේ අභය භූමි සහ කුමන, විල්පත්තුව ජාතික වන උද්‍යානයන්ය

මේ සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කරමනි පරිසර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ,මෙරට තෙත් බිම් රැක ගැනිම අපි සියලු දෙනාගේ වගකිම බවත්,එය විනාශ කිරිමට දායක වන කවරෙකු වුවුද තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.