Monday, 06 May 2024

කොවිඩ් එන්නත අද දිවයිනට- එන්නත්කරණය හෙට සිට ඇරඹෙයි..

Posted On Thursday, 28 January 2021 15:59

කොවිඩ් එන්නත අද දිවයිනට- එන්නත්කරණය හෙට සිට ඇරඹෙයි..

 

ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත අද ශ්‍රී ලංකාවට ලැබෙන අතර හෙට සිට එන්නත්කරණය ඇරඹීමට නියමිතව ඇත.

මින් පෙර ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනූව ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට හෙට දින ලබාදීමට නියමිත ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙහි නිපදවන මෙම ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා කොවිශීල්ඩ් නම් වන එන්නත එයාර් ඉන්දියා ගුවන් යානයකින් පුද්ගලයින් 250,000 කට ලබාදීම සදහා එන්නත් ලක්ෂ 05ක් ලැබෙන අතර එය අද දින කටුනායක ගැවන්තොටුපොළේදී ජනාධිපතිතුමන් විසින් භාරගැනීමට නියමිතව ඇත.

මෙම එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එය හදිසි ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කිරීම සදහා අප රටෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන්ද අනුමැතිය හිමිවී ඇත.
මෙම එන්නත අද දින අප රටට ලැබුණු විගස කටුනායක ගුවන්තොටුපොළේ සිට ශ්‍රීතාගාර සහිත වාහන වලින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත
ලබාදෙන අතර මුළු රටේම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගබඩා පහසුකම් යටතේ ගබඩා කර තැබීමටද නියමිතව ඇත. මෙම එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක පවත්වා තබාගත යුතු අතර ඒ සදහා අපගේ සෞඛ්‍ය අංශ වල පහසුකම්ද පවතී.

එන්නත ලබාදීමේදී ප්‍රමුඛතා කණ්ඩායම් පිළිබදව විශේෂ අවධානය ලබාදෙනු ලබන අතර, මෙහිදී ප්‍රධාන කොට්ඨාශ තුනක් පිළිබදව අවදානය යොමු කෙරෙනු ඇත. එහිදී පළමු පෙළ වශයෙන් කොවිඩ් මර්දනය සදහා ඉදිරියෙන් සිටින සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සැලකෙන අතර 150,000 ක පමණ පිරිසක් ඒ යටතේ ඇත.
දෙවන පෙළ වශයෙන් ගැනෙනුයේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආරක්ෂක අංශ වල සිටින 115,000 – 120,000 ක පමණ පිරිසකි. මේ යටතට ගුවන්
තොටුපොල වල සේවය කරන පිරිස්ද හදුනාගෙන ඇත. තෙවනුව ලක්ෂ 34ක් පමණ වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සැලකෙන අතර මෙහිදී නිධන්ගත රෝග වලින් පෙළෙන්නන් හට යම් ප්‍රමුඛතාවයක් හිමිවෙයි.