Tuesday, 30 April 2024

ඡන්දපොළ සියයට සියයක්ම සෞඛ්‍ය ආරක්ෂිතයි-කිසිඳු ආකාරයක බියක් ඇතිකර නොගන්න- මහින්ද දේශප්‍රිය

Posted On Monday, 27 July 2020 15:51

මහ මැතිවරණය සඳහා ඡන්දය සළකුණු කිරීමට තිබෙන ඡන්දපොළ සියයට සියයක්ම සෞඛ්‍ය ආරක්ෂිත බවත් එ සම්බන්ධයෙන් ඡන්ද දායකයන් කිසිඳු ආකාරයක බියක් ඇතිකර නොගත යුතු බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

ඔහු මේ බව පැවසුවේ මැතිවරණ කොමිසමේදී පක්ෂ ලේකම්වරු සහ පක්ෂ සාමාජිකයන් සමඟ පැවති රැස්වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍යවේදීන් සමඟ පැවති මාධ්‍ය හමුවේදීය.

දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසුවේ ඡන්දපොළ නිසි ලෙස විෂබීජ හරණය කිරීමට කටයුතු යොදා ඇති බවත්, සෞඛ්‍ය සම්පන්න ලෙස ඡන්දපොළ කටයුතු සෞඛ්‍ය නිළධාරීන් සමඟ එකතුව සිදු කරන බවත්ය. එමෙන්ම මැතිවරණය ගණනය කිරීමේ ස්ථානද නියමිත පරිදි විශබීජහරණය කර ප්‍රයෝජනයට ගැනීමට කටයුතු සූදානම් ව ඇති බවත්, ඡන්ද ගණනය කිරීමේ යෙදෙන නිලධාරීන් හා අනෙකුත් අයත් එහි කටයුතු කිරීමට කිසිඳු පැකිලීමක් විය යුතු නැති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය