බුදුරදුන්ගේ ඉපදීම, බුදුවීම,පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවූ දිනය වශයෙන් වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වෙයි.ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්‍රධායන් තුළ ඒම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාක්‍ය යනුවෙන් හැදින්වෙයි. බොහෝ ඈත අතීතයේ සිටම අප රටෙහි බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය දිනයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයක්. ඒදා රජවරුන් රාජ්‍ය කරන සමයෙහි පටන් වෙසක් දින උත්සවශ්‍රීයෙන් සැමරූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වෙසග සමග බැදි සංස්කෘතිකාංග රැසක් පවතින අතර ඒය අපගේ අනන්‍යතාවය විදහාපෑමට මහෝපකාරී වෙයි.
වෙසගෙහි ශාන්ත ස්වරූපය ගස් වැල් සොබා දහම පවා ආරූඩ කරගත් ස්වරූපයක් වෙසක් මාසය උදාවත්ම දැනී යනවා. අප රටෙහි බොදු ජනයා සෑම වසරකම කල්තියාම වෙසක් සමරන්න සූදානම් වෙනවා. වෙසක් පහන් කූඩු නිවෙස් ආශ්‍රිතව ඉදි වෙත්දී නගර මැද ආඩම්බරයෙන් නැගෙනා දැවැන්ත වෙසක් තොරණ් සහ අඩියෙන් අඩියට විවෘත වන නේකවිධ දන්සල් කියාපාන්නේ මේ පුංචි දිවයිනේ මිනිසුන්ගේ ඒකමුතුකම.ත්‍යාගශීලීකම, පරිත්‍යාගය, දක්ෂතාවය වගේම හරි අපූරු මනුස්සකමයි. මේ හැම දෙයක් සදහාම ජනයා සිය දායකත්වය දක්වන්නේ හරිම සතුටෙන්..මනුස්සකම අතින් පොහොසත් ජාතියක විවිධ පරිත්‍යාගයන් වෙසග තුළින් ආලෝකමත් වෙනවා. නමුත් පසුගිය වසරේ අපිට පාස්කු ප්‍රහාරය හමුවේ හිතේ හැටියට වෙසක් සමරන්න නම් නොහැකි වුණා. ගිය වසරේ ඉදිනොවුණු තොරණ් පහන්කූඩු දන්සල් ආදිය වෙනදාටත් වඩා වැඩි ප්‍රමාණයකින් සිදුකිරීමට බෞද්ධයන් මෙම වසරේ වෙසක් ඒළඹෙන තුරු සිටියේ උපේක්ෂාවෙන්.
නමුත් මේ දිනවල ලෝකය හමුවේ පැතිර යන කෝවිඩ් 19 වසංගතය අපේ පුංචි රටටත් අභියෝගයක්. ඒ් නිසා මෙවරත් අපිට හිතේ හැටියට වෙසක් සමරන්න නොහැකි වේවි. සුදු වතින් සැරසී විහාරස්ථාන වෙත ගොස් පිංකම් කරන්නට නොහැකි වේවි. රට පුරා පවතින ඇදිරි නීති තත්ත්වය හමුවේ රජයේ සහ සෞඛ්‍ය අංශ වල උපදෙස් වලට අවනත වෙමින් ආරක්ෂිතව සැවොම මෙවර නිවසේ සිට වෙසක් සමරමු.. මෙවර 2564 වැනි සම්බුද්ධත්ව ජයන්තියේ තේමා පාඨය කාලීන වූවක්. ඒනම් ආරෝග්‍යා පරමා ලාභා.. සන්තුට්ඨී පරමං ධනං යන්නයි.. ඒය වත්මනට බෙහෙවින් ගැලපෙනවා.. මෙවැනි දරුණු වසංගතයක් ලොව පුරා පැතිර යන අවදියක නිරෝගීකම තමයි අප සැමගේ උතුම්ම ධනය.