Thursday, 09 May 2024

සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි- බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යළි අවධාරණය කරයි

Posted On Saturday, 25 April 2020 16:20

කොවිඩ් -19 ව්‍යාප්තිය අවම කර ගැනීමට ජනතාව වෙනුවෙන් සේවය කිරීමේදීත් රෝගීන් හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීමේදීත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි අවධාරණය කරයි.



කොවිඩ් -19 ව්‍යාප්තිය අවම කර ගැනීමට ජනතාව වෙනුවෙන් සිදු කරන කටයුතුවලදීත්, රෝගීන් හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීමේදීත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යලි අවධාරණය කරයි.මෑත කාලීන සිදුවීම් විශ්ලේශණය කල විට එහි අවශ්‍යතාව පැහැදිලිව පෙන්නුම් කෙරේ.

පුද්ගලයින් සමග කටයුතු කිරීමට පෙර ඔවුන් ගෙන් රෝග ආසාදනය වීමට ඇති හැකියාව ගැන නිසි තක්සේරුවක් කිරීමත් රෝග ආසාදිතයින් විය හැකි අය සහ එසේ නොව අය වෙන් වශයෙන් තැබීමට ඇති පහසුකම් දියුණු කර ගැනීමත්,ඉන් අනතුරුව කාර්ය මණ්ඩලයත් සෙසු පුද්ගලයින්ටත් ආසාදනය සිදු නොවන පරිදි ආසාදිත යැයි සැක කරන පුද්ගලයා සම්බන්ධ කටයුතු කළමනාකරණයත් ඉතා වැදගත් වෙයි.

උදාහරණ ලෙස ඊයේ සිදුවීමක් සැලකිය හැකිය. මරදාන ප්‍රදේශයේ කාන්තාවක ද සොයිසා කාන්තා රෝහලට ඇතුලත්වීමේ සිටම ඇය පහල කල කොවිඩ් -19 රෝග ලක්ෂණ පිලිබදව රෝහල් කාර්ය
මණ්ඩලයේ අවධනය යොමු වී ඇත. එම කාන්තාව ලබාදී තිබුනේද සිය පදිංචි ලිපිනයද නොවේ.කාන්තාවගේ ,ලිපිනය පවා සොයා ගත්තේ රෝහල් කාර්‍ය මණ්ඩලයේ දැඩි කැපවීම මතය. එම දැඩි අවධානය නිසාම සූදානම් කොට තිබූ විශේෂ වාට්ටුවට ඇතුළත් කර තිබේ.

එහිදී PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් එම කාන්තාව නිශ්චිත ලෙසම කොවිඩ් -19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇත. කාන්තාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ සියලු අවස්ථාවලදී කාර්ය මණ්ඩලය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) පැලඳ සිට ඇත. මෙම සිදුවීමේදී රෝහල් කාර්ය මණ්ඩලයේ නිසි සුපරීක්ෂාව හා කැපවීම නිසාම කාර්ය මණ්ඩලයට හා පිටස්තර පුද්ගලයින්ට ආසාදනය වීමේ අවදානමද අවම කර ගැනීමට හැකිවූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.එම කැපවීම නිසා ආසාදිත බව කලට වේලාවට හදුනා ගැනීමෙන් තව බොහෝ දෙනෙකුට, ආසාදනය වීමද වලක්වා ගැනීමට හැකි වූ බවද ඔහු පෙන්වා දෙයි.