Thursday, 09 May 2024

විගමනික ශ්‍රමිකයින්ගේ නොමසුරු දායකත්වය, තම මවුබිම වෙනුවෙන් ඉතාම වැදගත්- විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Posted On Friday, 24 April 2020 17:45

සමස්ත  ලෝකයම දැවැන්ත ආර්ථික පරිහානියකට ලක්වී ඇති මෙම අවස්ථාවේ, ශ්‍රී ලංකාවද ඉදිරියේ දී මුහුණපෑමට යන ආර්ථික පසුබෑම ඉතා භයානක අවධියකට යාමට ඉඩ තිබීම වළක්වාලීමට නම්, විගමනික ශ්‍රමිකයින්ගේනොමසුරු දායකත්වය, තම මවුබිම වෙනුවෙන් ඉතාම වැදගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෞරවයෙන් ප්‍රකාශ කරයි.



විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් කරයි.

මේ දක්වා විගමනික ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නංවන්නට ලබාදුන් මහඟු දායකත්වය ඉතා අගයකොට සළකන අතර ඉදිරි වසර දෙක තුන ඇතුළත විදේශ විනිමය විශාල ප්‍රමාණයක් දේශයේ ආර්ථික හා සමාජ සංවර්ධනයටඅත්‍යාවශ්‍ය වන බව සඳහන් කරමු. ඒ අනුව සෞඛ්‍ය සේවය, ළමයින්ගේ අධ්‍යාපනය, කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර සහනාධාරය,පොදු ප්‍රවාහන සේවාව,ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීම වැනි මෙකී නොකී කුදුමහත් දැවැන්ත සංවර්ධන කටයුතු ඉදිරියට අඛණ්ඩව කරගෙන යාමටවිශාල මුදලක් වැයකිරීමට සිදුවේ.

මෙම කර්තව්‍යයට සෘජුවම දායක වන විදේශ ගත ශ්‍රමිකයින්වන ඔබ,දුක්මහන්සියෙන් උපයන විදේශ විනිමය මහත්සේ බලපානු ඇත. මෙම ජාතික මෙහෙවරට විගමනික ශ්‍රමිකයින් වශයෙන් ඔබ ලබාදෙන දායකත්වය ඉදිරියේ දී අනිවාර්යයෙන්ම දේශයේ ඇගයීමට ලක්වීම නොඅනුමානය.

මෙම ජාතික මෙහෙවර මේ පිළිබඳව තවදුරටත් විදේශගත ශ්‍රමිකයින්ගේ ඥාතීන් හා පවුලේ සාමාජිකයින් විසින්,විදේශ රැකියාවේ නිරතව සිටින තම ඥාතියා දිරිගැන්වීමට මේ අවස්ථාවේදී සිදුකරන මෙහෙයද අප අගයකොට සළකමු. අපි සියලු දෙනා එක්ව, අපේ රට ගොඩනගමු

 

සභාපති
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්