Wednesday, 08 May 2024

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදූ බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්- අමාත්‍ය මහින්ද අමරවීර

Posted On Monday, 20 April 2020 17:04

ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පැවසීය.



 වැඩිදුරටත් ඇමතිවරයා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින සියලු දෙනාට තරාතිරම නොබලා ඔවුනට විරුදධව නඩු පවරන බවයි. කෙසේ වුවද මහනුවර ප්‍රදේශයේ නිසියාකාරව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බස්රථ හා දුම්රිය ධාවනය වන බවත් ඇමතිවරයා සඳහන් කළේ ය.

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්