Tuesday, 21 May 2024

විදුලි පාරිභෝගිකයන්ට සහන කාලයක්

Posted On Saturday, 11 April 2020 16:21

පෙබරවාරි මාසය සඳහා විදුලි ගෙවීමට පාරිභෝගිකයන්ට අප්‍රේල් 30 දක්වා සහන කාලයක ලබාදීමට විදුලිබල හා බලශක්ති ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.



එමෙන්ම විදුලි බිල ගෙවීමට නොහැකි ව සිටිය ද කිසිදු අයුරකින් නිවාසවලට සපයාඇති විදුලිය විසන්දි කිරීමක් නොකරන ලෙස දඋපදෙස් ලබා දී ඇත.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියර කඩිනමින් ආරම්භ කිරීම මඟින් තවත් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට රජය අපේක්ෂා කරන බවත්,එමගින් විදුලි ඒකකයක් රුපියල් 10 - 12අතර ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙන බවත් කීය.

කොරෝනා වසංගතය තත්ත්වට හමුවේ වුවද නොරොච්චෝලේ විදුලි බලාගාරය ඇතුළු බලාගාරවල සේවය කරන සේවක මණ්ඩලයට තමා ප්‍රසංසා පළ කරන බවද ඇමතිවරයා කීය.

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්