Monday, 29 April 2024

විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වීමට අනුමැතිය

Posted On Thursday, 09 April 2020 16:12

කොරෝනා තර්ජනය හමුවේ විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වීමට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.



අමාත්‍යවරයා අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව හෙළි කළේ ය.

ඔවුන් ලංකාවට පැමිණි පසු දින 21ක නිරෝධායනයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට ලංකාවට ඒමට අවසර ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් 19 පාලනය විධිමත්ව පාලනය කිරීමට කටයුතු කරනවා. ක්‍රමවත් වැඩපිළිවෙල රාශියක් ක්‍රියාත්මක වෙනවා.ඒ සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට  අනුමැතිය ලැබුණා.ලක්ෂ 54ක් වූ සහන ලැබිය යුතු ජනතාව වෙත රජය මඟින් සිංහල අ වුරුද්දට පෙර සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා.

රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ආධාර ලැබිය යුතු පවුල්වල ලැයිස්තු සකස් වෙනවා. ඔවුන් වෙනුවෙන් විශේෂ ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. එම රුපියල් 5000 මුදල එම පවුල්වට ලබාදීමටත් රජය කටයුතු කරනවා.  සහනාධාර ලබාදීමට රජය උපරිමයෙන් කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්