දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම දිස්ත්‍රික් ලේකම්වරුන් හා මැතිවරණ නිළධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යයාලයේ දී අද (05) පැවැත්විණි.
මැතිවරණයේ ආරක්‍ෂක කටයුතු, නාමයෝජනා භාර ගැනීම, මැතිවරණ පැමිණිළි හා ඇප මුදල් භාර ගැනීම පිළිබඳවත්, මැතිවරණය සඳහා යොදවන නිළධාරීන් සංඛ්‍යාව පිළිබඳවත් මෙහි දී සාකච්ඡා වූ බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ (ක්‍රමසම්පාදන) චන්න පී. සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.