කොරෝනා වෛරසය (COVID – 19) සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව දැනුවත් කිරීමට අද (3)සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරිය මේ බව පවසා තිබේ.
එමෙන් ම නාවික මාර්ග හරහා පැමිණෙන මඟී නැව්වල මඟීන්ට නිසි පරීක්ෂාවක් සිදු කරන තෙක් එම නැව්වලින් පිටතට පැමිණීමට අවසර නොමැති බවද අමාත්‍යවරිය සඳහන් කරයි.
රට තුළ කොරෝනා වෛරසය ඇතුළ්වීම හා පැතිරීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් මේ වනවිටත් පසු වෙයි. එමෙන් ම මේ වන තෙක් කිසිදු ශ්‍රී ලාංකිකයකුට කොරෝනා වෛරසය වැළැදී ඇති බවට වාර්තා වී නැත.