Tuesday, 30 April 2024

සංචාරක සංවර්ධන බද්ධ ගෙවීමට සහන කාලයක්

Posted On Thursday, 27 February 2020 05:57

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතනවලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට්
මණ්ඩලයට ඉදිරිපත් කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.



පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ සිදු වූ කඩා වැටීමත් සමගම මෙම සහනය සැලසුණු අතර සහන ලබා දී තිබු කාලය පසුගිය දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් විය. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතන හිමියන් 2020 ජනවාරි 01 වෙනි දා සිට සමාන වාරික මගින් සංචාරක බද්ධ වසරක් තුළ ආපසු ගෙවිය යුතු විය. එහෙත් මෙම සංචාරක ආයතන වලට අදාළ බදු ගෙවීම සදහා නැවත සහන කාලයක් ලබා දෙන ලෙස එම හිමිකරුවන් කළ ඉල්ලීම සලකා මෙම තීරණයට එළඹි බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරට සංචාරක පැමිණීම් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ව තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් ව නොමැත. පසුගිය කාලයේ සංචාරක පැමිණීම් යථා තත්ත්වයට පැමිණෙමින් තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙන් නැවතත් සංචාරක පැමිණීම් වල අඩුවක් දක්නට ලැබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. එය ද මෙම සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහනය දීර්ඝ කිරීමට හේතු වී තිබේ.