ඒ මහතා මේ බව සදහන් කරන්නේ අද (15) ට යෙදී ඇති ඉන්දියාවේ 73 වැනි නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති විශාලම ව්‍යාපෘතිය නිවාස 63000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය බවත්, ඉන් නිවාස 47000 ක වැඩ නිමකොට දැනටමත් ප්‍රතිලාභීන් වෙත බාරදී අවසන් බවත් මෙයට අමතරව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුළම එක් ආදර්ශ ගම්මානය බැගින් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත් මහකොමසාරිස්වරයාගේ පණිවුඩයේ තවදුරටත් දැක්වේ.
ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දීය මහකොමසාරිස් නිවෙසේදී අද (15) පෙරවරුවේ උත්සවයක්ද සංවිධානය කොට ඇත.