අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වරයා මේ පිළිබඳව පැවසීය.
ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වු අමාත්‍ය වරයා,
අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර පහලොස්දාහක විශේෂ ව්‍යාපෘතියක් මඟින් මුං වගා කිරීමට බලාපොරොත්තු වෙනවා ඉන් පසුව ලබන වර්ශයේ සිට මුං ඇට ආනයනය කිරීමට අවශ්‍යය වන්නේ නෑ. ඉකුත් වර්ශයේ මෙට්‍රික් ටොන් දහදාහක් පමණ අප ගෙන්වලා තියෙනවා. හම්බන්තොට ඒ නව ව්‍යාපෘතිය සමඟ ඉදිරියේදී මුං ඇට ආනයනය ට අවශ්‍ය වන්නේ නැ.
ඒ වගේම යාපනය ,මුලතිව් ,කිළිනොච්චි දිස්ත්‍රික්ක වල කෘෂි නවීකරණය ව්‍යාපෘතිය මගින් රටකජු වගා කරලා තියෙනවා. එහි අස්වැන්න මෙට්‍රික් ටොන් තුන්දාහක් පමණ බලාපොරොත්තු වෙන්න පුලුවන්.
දැන් සම්පූර්ණයෙන්ම මෙරටට උඳු ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතරවෙලා තියෙනවා. උඳු ගෙන්වනවානම් රුපියල් දෙසියක බද්දක,පාඩුවට තමයි ගෙන්වන්න වෙන්නේ . පිටරටින් උඳු ගෙන්වීම නැවැත්වීම අප ලැබූ ජයග්‍රහණයක් වන අතර ඒක අපේ රටේ උඳු ගෙවියා නඟා සිටුවීමට ලොකු අත්වැලක් .
විශ්වවිද්‍යාල මහාචාර්ය වරු කෘෂි විද්‍යාඥයින්ට මම උපදෙස් දුන්නා රටට අවශ්‍ය කෘෂිකාර්මික දත්ත සකසන්න කියලා. ආනයනය කලයුතු බෝග, මෙරට නිෂ්පදනය කළ යුතු ප්‍රමානය කොහොමද කියලා තීරනය කරන්න ගොවීන් දැනුවත් කරන්න.
අපි ඉදිරි සතිය තුළ වැඩසටහනක් සකසනවා.අපි පර්යේෂණ කරලා සොයගත් ඇතැම් දේ ගොවියා වෙත දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් තවම ගොඩනැගිලා නෑ.
යල් කන්නයටත් මාස තුන හතරක් කාලය ගතවන වී වගා කරනවා. නමුත් අපි පර්යේෂණ කරලා අපේ රටේ මාස දෙකහමාරේ පූදින වී හෙයාගෙන තියෙනවා නමුත් ඒ සොයාගැනීම් ගොවියා වෙත යන්නේ නෑ අපි ඒ සඳහා යාන්ත්‍රණයක් හදනවා.
අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පැවති මෙම අවස්ථාවට වාරිමාර්ග අධ්‍යක්ෂ මොහාන් රාජා ඇතුලු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.