ඒ අනුව, ගමන්මලු ,පාර්සල් ආදිය කාර්යාංශ පරිශ්රය තුළට රැගෙන නොඑන ලෙසත්, මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන සේ ඇදුම්, හෙල්මට් හා ජැකට් පැලඳ නොපැමිණෙන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය සේවාලාභීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
නැවත දැනුම්දෙනතුරු අවසර නොලත් කිසිදු වාහනයක් කාර්යාංශ පරිශ්රය තුළට ඇතුලු නොකර ගැනීමට ද, සේවා අපේක්ෂකයින් සඳහා ඇතුළ්වීමේ දී විශේෂ අවසර පත්රයක් ලබා දීමටද කාර්යාංශයේ ආරක්ෂක කමිටුව තීරණය කර ඇත.