Monday, 29 April 2024

රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා පොළක් මහනුවර දී

Posted On Wednesday, 27 March 2019 05:13

මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන රැකියා පොළ මාර්තු මස 31 වැනි දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.



මෙම රැකියා පොළ සදහා ව්‍යාපාරිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් 60 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය. ඔවුන් සතුව රැකි රක්ෂා අවස්ථා 1000 කට වැඩි ප්‍රමාණයක පුරප්පාඩු තිබේ.

මාර්තු 31 වැනි දින පෙ.ව. 8.30 ට මහනුවර දිස්ත්‍රික් ලේකම් ( දිසාපති) තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම රැකියා පොළ සදහා මිනිස් බල සහ රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක්ද සහභාගී වීමට නියමිතය. මහනුවර දිස්ත්‍රික්කය තුළ සිටින රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සියලු දෙනාටම මෙම රැකියා පොළ සදහා සහභාගී වීමට අවස්ථාව ඇත.

කම්කරු සහ වෘත්තිය සමිති සබදතා අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මහජන රැකියා සේවාවන් පිළිබද ලෝක සංගමයේ ශ්‍රී ලාංකීය සාමාජික ලෙස ජ්‍යාත්‍යන්තරව පිළිගැනීමට ලක් වූ ආයතනයකි. එමෙන්ම මහජන රැකියා සේවාවන් සැපයීම සදහා ශ්‍රී ලංකාව තුළ සිටින එකම නියෝජිත ආයතනය වන්නේද මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවයි.රැකියා ලබාදීමේ හැකියාව ඇති රජයට අනුබද්ධ සහ පෞද්ගලික අංශයේ රැකියා සපයන්න සේවා යෝජකයන් සහ රැකියා විරහිත තරුණ තරුණියන් අතර මැදිහත්කරුවෙක් වශයෙන් කටයුතු කරමින් දෙපාර්ශවයටම සේවයක් ලබාදීම මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි.

මෙම දෙපාර්තමේන්තුවේ මැදිහත්කරණ ක්‍රියාවලිය නිසා රැකියා විරහිත පුද්ගලයන්ට ඉතා පහසුවෙන් තමන් බලාපොරොත්තු වන රැකියා ක්ෂේත්‍රයට යෑමට අවශ්‍ය පසුබිම සළසා දෙන අතර, රැකියා සපයන්නන්ටද ප්‍රචාරණ වියදමකින් තොරව තමන්ට අවශ්‍ය සේවක පාර්ශවය සොයා ගැනීමට හැකියාව ලැබේ.