කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිම ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. මාස 06 ක කාලයක් තුල ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට ලබාදීමට නියමිතය. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත ලබාදුන් සමාගම විසින් මෙම වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කරයි. ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම තුලින් කිසියම් රෝගියෙකුගේ සම්පුර්ණ රෝගී වාර්තා ඊට ඇතුලත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
ඊ-හෙල්ත් කාඩ්පත ශ්‍රී ලංකාවට හදුන්වාදීම 2018 වසරේ අප්‍රේල් මස 07 දින පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සංවත්සර උළෙලේ දී සිදු කෙරිනි. එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්විනි. නව තාක්ෂණය හදුන්වාදීම තුලින් ජනතාවට කඩිනමින් සේවා කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
මේ අතර දිවයින පුරා රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙල ද සාර්ථකව ක්‍රියාත්මක වෙයි. හොරණ මූලික රෝහලෙන් 2015 වසරේ දී ආරම්භ කළ මෙම වැඩපිළිවෙල තුලින් මේ වන විට රෝහල් 500 කට ආසන්න සංඛ්‍යාවක් පරිගණක ගත කර තිබේ. එමගින් සෞඛ්‍ය සේවකයින්ට මෙන්ම රෝගීන්ට ද විශාල පහසුවක් ලැබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.