මේ අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහභාගීවීමට නියමිතය. ශ්රී ලාංකික තරුණ තරුණියන්ගේ සෞන්දර්යාත්මක කුසලතාවයන් ජාතික මට්ටමට හඳුන්වාදෙමින් ඔවුන් ඇගයීම අරමුණු කරගනිමින් පැවැත්වෙන ජාතික යෞවන සම්මන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සෞන්දර්යාත්මක ඉසව් 110ක් ආවරණය කරමින් තරුණ නිර්මාණකරුවන් 160 දෙනෙකු ඇගයීමට නියමිතය.